සිනමාවේ පෙම් කෙහෙළි නැංවූ කිරිල්ලියගේ තටු සිඳුණු වගයි ...
දකුණු ඉන්දීය දේශපාලන කරලිය සලිත කරවූ ආවේගශීලී චරිතය, එසේත් නැතිනම් 70 දශකයේ සිනමාවේ ජය කෙහෙළි නැන්වූ පේ‍්‍රම තාරකාවිය ජයලලිතා ජයරාම් නැවත නොපැමිනෙන ගමන් ගොස් ඇත. දේශපාලන ජීවිතයේදී ඇය කුමන ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තද සිනමාව තුළ ඈ ගොඩනගාගත් පේ්රක්ෂක ආදරය තවත් බොහෝ කාලයක් පේ්රක්ෂක හදවත්හි නිදන්ව පවතිනු ඇත. මේ ඇය වෙනුවෙන් තබන ඇගේ ජීවිතය වෙන්වෙන් තබන සංවේදී අතීතාවර්ජනයකි.
ජයලලිතා යනු කවුරුන්ද...?
තමිල්නාඩුවේ සුප්‍රකට දේශපාලන චරිතයක් වන ජයලලිතා ජෙයරාම් මෑත අතීතය තුළ බොහෝ මාධ්‍ය තුළ බහුළව කතා බහට ලක් වූ චරිතයක් වේ. ඒ ඇගේ වත්කම් අක්‍රමිකතාවක් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ඇදුණු නඩු විභාගයකින් පසු ඇයට සිර දඬුවම් නියම වීම හා එතෙක් ඇය විසින් දරණ ලද තමිල්නාඩු මහ ඇමති පදවියෙන් ඇය ඉවත් කිරීම නිසාවෙනි. ඇය සම්බන්ධ මෙම නඩු තීන්දුව හා ඇගේ දේශපාලන අනාගතය ගැන පසුගිය දිනවල විශාල වශයෙන් මාධ්‍ය තුළ සාකච්ඡුා විය. එමෙන්ම ඇගේ දේශපාලන ජිවිතය ගැන අද බොහෝ මාධ්‍යන් තුළ කතාබහට ලක් වුව ද, ඇය කාලයක් දකුණු අප්‍රිකාවේ සිටි ජනප්‍රියම නිළියයි.
ජය ලලිතා යනු 1948 පෙබරවාරි 24 වැනිදා කර්නාටක ප්‍රාන්තයේ දී මයිසූර් නගරයේ දී උපත ලැබූ කාන්තාවකි. මේ නිසා ඇය කන්නඩා පවුලකට දාව උපන් යුවතියක් හැටියට ඇයගේ විරුද්ධවාදීහූ ඇය හැඳින්වීමට පුරුදු වී සිටියහ. එහෙත් ඇය අයත් වූයේ ස්ටිරන්ගම් ප්‍රදේශයෙන් පැවත එන දෙමළ අයන්බර්ග් බ්‍රාහ්මණ පවුලකටය. ඇයගේ සීයා මයිසූර්හි මහාරාජාට සේවය කළ වෛද්‍යවරයෙකි. ජයලලිතාගේ උපැන්න සහතිකයේ ඇති නියම නම ”කෝමලවල්ල ජයරාම්ය”. නිවසේ අයත් පාසල් මිතුරියනුත් හුරතලයට ඇය අමතන ලද්දේ අම්මු කියාය.
කොමලවල්ලි මූලික අධ්‍යාපනය ලැබුවේ බැංගලෝරයේ බීෂොප් කාන්තා උසස් විද්‍යාලයෙනි. ඉන්පසු චෙන්නායහි බාලිකා විද්‍යාලයට ඇතුළු මැටිරි කියුලේෂන් විභාගය දක්වාම ඉගෙනුම ලැබූවාය. 1964 දී ඇය මැටිරි කියුලේෂන් විභාගයෙන් සමත් වූවාය. මධ්‍යම පංතියේ පවුලකට දාව ඉපදීම නිසා ජයලලිතාට අන් තරුණියන් ට මෙන් සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ නොලැබුණි. ජයලලිතාගේ පියා ජයරාම් නාස්තිකාර ක්‍රියාවන් නිසා පවුලේ අඟහිගකම් එන්න එන්නම වැඩි විය. මේ නිසා ජයලලිතාගේ මව වන වෙදවල්ලිට පවුල ගෙන යාම සඳහා අරගලයක් කිරීමට සිදු විය.
වෙද වල්ලි රූමත් ගැහැනියකි, තරුණ කාලයේ වේදිකා නාට්‍යයවල පෙනී සිටීම නිසා රංගන ශිල්පිණියක ලෙස ප්‍රසිද්ධ වී සිටි ඇය වේදිකාවෙන් ඉවත් වූයේ විවාහයෙන් පසුවය. එහෙත් සිය සැමියාගේ නාස්තිකාර ක්‍රියාවන් නිසාත් පවුලේ අගහිඟකම් වැඩි වීම නිසාත් අතට කීයක් හෝ ලබා ගැනීම සඳහා වෙදවල්ලිට යළිත් දන්නා රැකියාවට එක්වීමට සිදු වූයේය. මෙවර ඇය එක් වූයේ වේදිකාවට නොව සිනමා රංගනයටය. සිනමා රංගනයට එක් වීමෙන් පසු සන්ධ්‍යා නමින් පෙනී සිටි ඇය සුළු චරිත රඟපාමින් පවුල නඩත්තු කිරීම සඳහා සුළු මුදලක් සොයා ගත්තාය. මැටිරි කියුලේෂන් විභාගයෙන් සමත් වූ ජයලලිතාට තවදුරටත් ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට ඉඩක් නොලැබුණේ නිවසේ පැවති අගහිඟකම් නිසාමය.
ජයලලිතා කුඩා කල සිටම භාරත නාට්‍ය කලාවටත් කර්ණාටක සංගීතයටත් බෙහෙවින්ම ඇලූම් කළ යුවතියකි. ඒ බව දැන සිටි වෙදවල්ලි කොපමණ අගහිඟකම් තිබුණත් සිය දියණියට භරත නාට්‍යත්, කර්ණාටක සංගීතය හැදෑරීම සඳහා පංතියකට යෑවීමට පියවර ගත්තාය. බී. ආර්. බත්තුලූ එකල කන්නඩා සිනමාවේ සිටි ජනප්‍රියම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකි. දිනක් ඔහුට ජයලලිතා විසින් ඉදිරිපත් කරන ලද අරංගේත්රම් නැටුම් දැක්මක් දැක බලා ගැනීමට අවස්ථාවක් ලැබිණි.
ජයලලිතාගේ නැටුම් දුටු බත්තුලූ ඇයගේ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමට ඉටා ගත්තේය. මේ අනුව ඔහු එවකට නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් කර තිබූ ”චින්ඩා ගොම්බේ” නමැති කන්නඩා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය රඟපෑම සඳහා ජයලලිතා තෝරා ගත්තේය. මේ වන විටත් කොමලවල්ලී නමින් හැඳින්වුණු ඇය ජයලලිතා වුයේ ”චින්නඩා ගොම්බේ” චිත්‍රපටියෙන් රංගනයට එක්වූවාට පසුවය.
මේ ආකාරයට සිනමාවටත් පසුව දේශපාලනයටත් පැමිණෙන ජයරාම් ජෙයලලිතා අද වන විට මාධ්‍ය කරලිය තුළ බොහෝ ලෙසින් කතා බහට ලක් වන චරිතයක් බවට පත්ව තිබේ.
සිනමාවට අවතීර්ණ වීම
පසුගිය කාලසීමාව තුළ ඇමතිනී ජයලලිතා ජයරාම් අත්අඩංගුවට ගැනීම හා ඒ ආශ්රිත සිදුවීම් පිළිබද විශාල අන්දෝලනයක් ඇති වීය. දැන් ඇය ඇප මත නිදහස ලබා තිබේ.ඇය අත්අඩංගුවට ගැනීමත් සමග බොහෝ පිරිසක් හෘදයාබාධ සහ සියදිවි නසාගැනීම් වලින් මිය ගියේ ය. මේ සියළු දේට බලපාන ලද්දේ ඇය ප්‍රබල දේශපාලන චරිතයක් මෙන්ම 60,70 දශකයේ දෙමළ සිනමාවේ රජකම් කළ රූමත් නිළියක වීමයි.මෙම කාල සීමාව තුළ දෙමළ සිනමාවේ තීරණාත්මක චරිතයක් වූ හා දකුණු ඉන්දියානු සිනමාවේ නිල නොලත් රැජිණ ලෙස හැදින්වුණු ඇය කොට ගවුම්වලින් හා සාය වලින් සැරසුණු පළමු දෙමළ සිනමා නිළිය ලෙසද ඉන්දියානු සිනමා වාර්තා පොත් අතරට එක්ව සිටියේ ය.
උපන් නම කෝමලවල්ලි වුවද සිනමාව තුළ මේ රූමතිය ප්‍රකට වූයේ ජෙයලලිතා නමිනි.වර්තමානයේදී තවදුරටත් සිනමා නිළියක නොවන හා ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන ඇය තම සම්පූර්ණ නම වන ජයලලිතා ජයරාම් යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධ වීය. කෝමල වල්ලිට නව යොවුන් වියේදිම ජයලලිතා නමින් සිනමාවට අවතීර්ණවීමට සිදුවූයේ පවුලේ අගහිගකම් නිසා ය.මයිසූර්හි මහරාජාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඇගේ පියා ඇයට වයස අවුරුදු දෙකේදී මිය යන්නේ මත්පැන් වලට පවුලේ දේපළ හා මුදල් දියකිරීමෙන් පසුවය.මේ නිසා ඇගේ මවද පවුලේ වියදමට මුදල් සෙවීමේ අරමුණින් සන්ධ්‍යා නමින් දෙමළ සිනමාවට එක්වූවාය.
කෝමලවල්ලි හෙවත් ජයලලිතාගේ පියා මියයාමත් සමග ඇයගේ මව තම කුඩා දියණියද රැගෙන බැංගලෝරයට පැමිණෙන්නීය.එහිදී ඇය තම ජීවන වෘත්තිය බවට පත්කරගන්නේ දෙමළ සහ කන්නඩ සිනමා පටවලට රංගනයෙන් දායක වීමයි. ඇයගේ් රූ සපුව සහ රංගන හැකියාව නිසාම සිනමා ක්ෂේත්රයේ කිසියම් ස්ථාවරත්වයක් දිනාගැනීමට ඇයට හැකි වූ අතර සිනමාව වෙනුවෙන් ඇය තම නාමය සන්ධ්‍යා යනවෙන් වෙනස් කර ගත්තාය.
සන්ධ්‍යා මෙලෙස රංගනයේ යෙදෙමින් උපයන මුදල් වැයකළේ තම දියණිය වෙනුවෙනි.නේවාසික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි කුඩා ජයලලිතාට හැකි උපරිම අධ්‍යාපනයක් ලබා දීම ඇයගේ අරමුණ වීය.ජයලලිතාද අධ්‍යාපනයෙහි සමත්කම් දැක්වූවාය.ඉංග්‍රීසි බස ඇයට හුරු වූයේ කුඩා කල සිටමය. එහෙත් කල් ගත වත්ම සන්ධ්‍යා වටහා ගත්තේ සිනමාව යනු නධානයක් බවත්,තමාට ඉන් ලබාගත හැක්කේ අවම ප්‍රමාණයක් බවත්ය.එහෙත් එම නිධානයට උරුමකම් කීමට තරම් රූපයෙන් සහ දැනුමෙන් සන්නද්ධ වස්තුවක් තමා සතු බව ද ඇය වටහා ගත්තාය.ඒ වස්තුව අන් කිසිවක් නොව කුඩා ජයලලිතාය.ඒ අනුව කුඩා වියේදිම මවගේ ආශිර්වාදය මත සිනමාපටවල ට රංගනයෙන් එක් වීමට ජයලලිතාට සිදු වීය.
මේ වන විට කෝමලවල්ලි ඉගෙනීමට දක්ෂකම් දැක්වූ හුරුබුහුටි දැරියක වූවා ය.ඉගෙනීමට දක්ෂ වුවද එය පසෙකලා ආර්ථික අර්බුදය නිසාම ඇයට සිනමාවට එක්වන්නට සිදු වීය.කෝමලවල්ලි ජයලලිතා නමින් සිනමා නිළියක් වන විට ඇයගේ වයස අවුරුදු පහළොවකි.දියණියගේ අධ්‍යාපනයට බාධාවක් නොවන ආකරයෙන් නිවාඩු කාලයේ රූපගත කිරීම් සිදුකරන බවට නිෂ්පාදකවරුන්ගෙන් ලබාගත් පොරොන්දුව පිට ඇගේ මව මුලින්ම ජයලලිතාට රගපාන්නට ඉඩදුන්නේ ජේම්ස් බොන්ඞ් චිත්රපයට අනුව යමින් නිර්මාණය කරන ලද ”එපිස්ටල්”නම් ඉංග්‍රීසි චිත්‍රපටයේය.
ජයලලිතාගේ සිනමා ජීවිතය
වයස 15ක් පමණ වූ නව යොවුන් වියේදීම සිනමා දිවියට අවතීර්ණ වූ ජයලලිතා ඉන්දීය සිනමාව තුළ රන් සලකුණු තැබූ තාරකාවියකි. ඈ සිහින දුටුවේ හොදින් ඉගෙන ගෙන නීතිඥවරියක වී එම වෘත්තිය හරහා කෝටිපතිනියක වීමටයි. නමුත් පවුලේ පැවතියා වූ අගහිගකම් නිසා ඇගේ සිහිනය බිද වැටුණි. නමුත් අහම්බෙන් හෝ ඈ සිනමාව නැමති මාවතේ තැබූ පය ඈ සුවහසක් ජනතාවකගේ හද ගත් තැනැත්තියක් බවට පත්කෙරීය. ජයලලිතා නාමය සමස්ත ඉන්දියාව තුළත් ඉන් පිටත රට රටවල් වලද ජනතාව අතර ජනප්‍රියව පැතිර යාමට ඈ ඉන්දීය සිනමාව තුළ දැක්වූ ප්‍රතිභාව ප්‍රබල මෙන්ම වඩාත් බලපෑම්කාරී විය.
සිනමාවට අත්පොත් තැබීම
ඈ සිනමාවට අත්පොත් තැබුවේ ”එපිස්ල්” නම් ඉංගී්රසි චිත්‍රපටිය තුළිනි. එය ජේම්ස් බොන්ඞ්” නැමති චිත්‍රපටිය අනුව යමින් තැනූනකි. එය හිටපු ඉන්දියානු ජනාධිපතිවරයකු වූ ආචාර්ය වී.වී ගිරිගේ පුත්‍රයා වන ශංකර් ගිරිගේ අධ්‍යක්ෂණයකි. ගී‍්‍ර බසින් ද දෙබස් කවන ලද මේ චිත්‍රපටිය 1961 වසරේ තිරගත විය.
විවිධ සිනමා ධාරා ඔස්සේ පැතිරුණු ප්‍රතිභාව
”එපිස්ල්” චිත්‍රපටයෙන් ඇරඹි ජයලලිතාගේ සිනමා ගමනය එක් අංශයකට පමණක් සීමා නොවුණි. ඈ කන්නඩ, දමිළ, හින්දි, තෙළිගු ආදී විවිධ සිනමා චිත්‍රපට තුළින් තම රංගන කුසලතා එළිදැක්වීය. එතුළින් පැහැදිලි කළේ සිනමාව නැමති මාධ්‍ය තුළ ඈ දැක්වූ විශිෂ්ට බවයි.
කන්නඩ චිත්‍රපට
”චින්නඩ ගොම්ර්යබේ” නම් වූ ඇගේ පළමු කන්නඩ චිත්‍රපටය ආදායම ලැබීම අතින් අතිශයින් ජනපි‍්‍රය වූ චිත්‍රපටියකි. මෙහි අධ්යක්ෂවරයා වූයේ සී.වී සර්ධා නමැත්තායි. එය ඇගේ සිනමා දිවියේ සුවිශේෂී මං සලකුණකි.
දමිළ චිත්‍රපට
ජයලලිතා රගපෑ පළමු දෙමළ චිත්‍රපටය වන්නේ ”වෙන්නිර ආදෙයි” චිත්‍රපටයයි. මේ චිත්‍රපටය තිරගත වූයේ 1965 දීය. මේ වනවිට ඇගේ වයස අවුරුදු 14කි. මේ චිත්‍රපටය හරහා එක රැුයින් තරුවක් වන්නට ජයලලිතාට හැකි විය. ති‍්‍රකෝණාකාර ආදර අන්දරයක් රැුගත් මේ චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවීමට සමත් විය.
හින්දි චිත්‍රපට
හින්දි චිත්‍රපට කීපයකටම ඈ තම රංගන කුෂලතාව එක් කළ අතර එ් අතරින් මතකයේ රැුදෙන චරිතයක් බවට පත් වූයේ ”ඉස්සත්” නම් චිත්‍රපටය හරහාය.
තෙළිගු චිත්‍රපට
ඈ රගපෑ පළමු තෙළිගු චිත්‍රපටය වූයේ මනෂුලූ මමතලූ ය. ප්‍රථම වරට වීරවරිය හෙවත් පෙම්වතියගේ චරිතයට ඈ රංගන දායකත්වය ලබා දුන්නේ මේ චිත්‍රපටය තුළිනි.
ජයලලිතාගේ ජනපි‍්‍රයත්වය
ප්‍රතිභාපූර්ණ නිළියක් ලෙසින් ඉන්දීය සිනමාව තුළ සලකුණු තැබු ජයලලිතා එතුළින් සුවහසක් පේ්රක්ෂකයින්ගේ සිහින කුමරිය බවට පත්විය. නොසිතූ පරිදි සිනමාව නැමති මාවතේ පියනැගූ ඈ කෙරෙහි ලෝකයක් තුළ විශ්වාසයක්, බැදීමක්, ගෞරවයක් ඇතිවූයේ ඈ සතුව පැවති කුමන කාරණා නිසා දැයි විමසා බැලීම වටී.
- රංගනයෙහිලා දැක්වූ නිර්භීතකම
- ජයලලිතා සතු රූමත්බව
- කෙටි ඇදුමින් සැරසී කළ සාරාගී රගපෑම
- දක්ෂ ලෙස ගීත ගායනා කිරීමට තිබූ හැකියාව (චිත්‍රපටි පසුබිම් ගායිකාවක් වීම
ජයලලිතා රගපෑමට පමණක් නොව ගායනයටත් දක්ෂතා දැක්වීය. ඈ වයස අවුරුදු 4 සිට කර්ණාටක සංගීතය ප්‍රගුණ කළාය. ඈ තමා රගපෑ චිත්‍රපට කීපයකම ගීත ගායනා කළාය. ” අම්මා එන්ද්රාලාල් එම්බු” නැමති ගීතය, ” අදිමායි පෙන්” චිත්‍රපටයට ගායනා කළ ජයලලිතා එ් ගී හඩෙන් රසික ලොවක් වසග කරගත්තා. එ් නවසිය හැත්තෑව දශකයේදී. පසුව ජයලලිතා තවත් චිත්‍රපට ගණනාවක ගීත ගායනා කළා. එස්.පී බාලසුබ්රමනියම්, ටී.එම් සවුන්දරාජන් වැනි ගායකයන් සමග යුග ගී ගැයීමටත් ඇයට හැකියාව ලැබුණි.
- පොත් කියවීමට දැක්වූ දැඩි ඇබ්බැහිකම
ඈ කොතරම් පොත් කියවීමට රුචියක් දැක්වූවාද කිවහොත් ඈ චිත්‍රපට රූගත කිරීම් වලටද ගියේ පොතින් සන්නද්ධවය. ඈ සතුව සුවිසල් පුස්තකාලයක් වෙයි.
- ඉංගීසි භාෂාව හොදින් කතා කිරීමට තිබූ හැකියාව
ඇය තම පි‍්‍රයතම ලේඛකයින් ලෙස චාල්ස් ඩිකන්ස්, ජේන් ඔස්ටන්, ඔස්කා වයිල්ඞ්, බර්නාඞ් ෂෝ, පර්ල් එස්.බක් හා සිඞ්නි ෂෙල්ඩන් ආදීන් හදුන්වාදෙයි.
එම්.ජී.ආර් හා ජයලලිතා සුසංයෝගය
ජයලලිතාගේ ඉරණම තීන්දු කරන ප්‍රබලම සාධකය වූයේ එවකට මැදිවියේ පසුවූවද එ් වනවිටත් දෙමළ සිනමාවේ ”කොල්ලාගේ” චරිතය රගපාමින් අතිශය ජනපි‍්‍රයව සිටි එම්.ජී රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර් සමග රගපාන්නට ලැබීමයි. ”ආයරතිල් ඔරුවාන්” චිත්‍රපටයේ දෙදෙනා මුලින්ම එකට රගපෑ අතර චෙන්නායි නගරයේ පමණක් දින 100 ඉක්මවා තිරගත වුණු එය ජයලලිතා එම්.ජී ආර් යුගයක් ගොඩනගන්නට මූලික විය.
විවාහකයෙකු වූ එම්.ජී රාමචන්ද්‍රන් හා ජයලලිතා අතර ප්‍රබල හිතවත්කමක් ගොඩනැගුණු අතර ඔවුන් දෙදෙනා එකට රගපෑ චිත්‍රපට ගණන 28 කි. තම සිනමා දිවියේ තමා සමග රගපෑ නළුවන් අතරින් තම පි‍්‍රයතම නළුවා ලෙස ජයලලිතා විසින් හදුන්වා දෙනු ලැබූ එම්.ජී.ආර් හා ඇය අතර පෙම් සබදතාව මාධ්‍ය වලට රස පුවත් මැවූ නමුත් ජයලලිතා අදටත් කියන්නේ ඔහු සිනමාවේ මෙන්ම දේශපාලනයේද තම ගුරුවරයා වූවා මිස කිසිකලෙක ඔහු තම පෙම්වතා නොවූ බවයි.
ජයලලිතා දිනූ සම්මාන
- තෙවරක් හොදම නිළිය ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇය දිනා ගෙන ඇත.
- ”දෙයිවමහන්” චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙල තුළ හොලිවුඞ් නොවන අංශය නියෝජනය කිරීමට ඉන්දියාවෙන් යවන ලද පළමු දමිළ චිත්‍රපටය වීම.
- තමිල්නාඩුවේදී කලාවෙහි හා සාහිත්‍යයෙහිලා ඉහළම දස්කම් පෙන්නුම් කරන පුද්ගලයන්ට පිරිනමනු ලබන ”කලෙයිමාමනී” සම්මානය 1972 දී හිමිවීම.
- 1972 දී ශිවාජි ගනේෂන් සමග රගපාන ලද ”පතික්කදා පත්තනාමා ” හොදම දමිළ චිත්‍රපටය වීය. එහිදී හොදම නිළිය සම්මානය ජයලිතාට හිමි වීය.
- ”සූර්යකාන්ති” චිත්‍රපටය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමිවිය.
- ”ශ්‍රී ක්රිෂ්ණ සත්‍ය” තෙළිගු චිත්‍රපටය වෙනුවෙන් තුන්වන වරටත් ෆිල්ම්ෆෙයාර් හොදම නිළිය සම්මානයද ඇයට හිමි වීය.
සිනමාවෙන් සමුගැනීම
1990 වසරේදී කන්දන් කරුනෙයි චිත්‍රපටයේ ර`ගපා ජයලලිතා සිනමාවෙන් සමුගත්තාය. එවිට ඇගේ වයස 32 කි.
ජයලලිතාගේ ජීවිත කතාව චිත්‍රපටයකට
තමිල්නාඩු ජනතාව ජයලලිතා අම්මා ලෙස ඇදහීම සිදු කරයි. මේ නිසාම ඇය වෙනුවෙන් ”අම්මා” චිත්‍රපටය නිර්මාණය වීය. එය දෙමළ, හින්දි, කන්නඩ, මලයාලම්, තෙළිගු යන භාෂා වලින් හඩකවා ඇත.මෙහි ප්‍රධාන චරිතය වන ජයලලිතාගේ චරිතයට පණපෙවීම සිදු කරනනේ රාගිනි ද්්ව්වේදී ය.
උම්මි චිත්‍රපටයේදී ජයලලිතා ජමරාම්ගේ චරිතය නිරූපනය කරන රාගිනී මේ වන විට 24වන වියේ පසුවේ. වීරා මහාහාරි චිත්‍රපටයෙන් 2009 දී සිනමා රංගනයෙන් පිවිසි ඇය ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය චරිතයකි.කෙසේ වෙතත් මෙම සිනමා නිර්මාණය හරහා ජයලලිතාගේ ප්‍රතිරූපය තවදුරටත් ගොඩනැගීමට හේතු විය. එමෙන්ම ඇගේ දේශපාලන චරිතය අලලා 1997 වසරේදී මනිරත්නම් අධ්‍යක්ෂණය කළ ඉරුවාර් නම් චිත්‍රපටයේ ඇයගේ චරිතයට පණ පෙව්වේ අයිෂ්චර්යා රායි විසිනි.
කෝමලවල්ලි හෙවත් ජයලලිතා නැවත කිසි දිනක දේශපාලන කරලියේ හෝ සිනමා කරලියේ රඟ දෙනු ඔබට දකින්නට නොලැබෙනු ඇත. ඇගේ මතකයන් ලාංකිකයන් වශයෙන් අපට කෙතරම් නීරස වූවත් සිනමා ලෝලී පේ්රක්ෂකයින්ට සහ දකුණු ඉන්දීය දේශපාලන කරලියටනම් ඇගේ සමුගැනීම ශෝචනීය විලාපයක් වනවාට සැක නැත. දිවි රඟමඩලෙන් සමුගත් කොමළවල්ලී ඔබට නිවන් සුව අත්වේවා...
සංවේදී සටහන :- අමිල නුවන් මධුසංඛ