දොරකඩ අස්න

Wednesday, March 29, 2017

සිනමාවේ පෙම් කෙහෙළි නැංවූ කිරිල්ලියගේ තටු සිඳුණු වගයි ...

සිනමාවේ පෙම් කෙහෙළි නැංවූ කිරිල්ලියගේ තටු සිඳුණු වගයි ...

දකුණු ඉන්දීය දේශපාලන කරලිය සලිත කරවූ ආවේගශීලී චරිතය, එසේත් නැතිනම් 70 දශකයේ සිනමාවේ ජය කෙහෙළි නැන්වූ පේ‍්‍රම තාරකාවිය ජයලලිතා ජයරාම් නැවත නොපැමිනෙන ගමන් ගොස් ඇත. දේශපාලන ජීවිතයේදී ඇය කුමන ප‍්‍රතිරූපයක් ගොඩනගා ගත්තද සිනමාව තුළ ඈ ගොඩනගාගත් පේ‍්‍රක්‍ෂක ආදරය තවත් බොහෝ කාලයක් පේ‍්‍රක්‍ෂක හදවත්හි නිදන්ව පවතිනු ඇත. මේ ඇය වෙනුවෙන් තබන ඇගේ ජීවිතය වෙන්වෙන් තබන සංවේදී අතීතාවර්ජනයකි. 

ජයලලිතා යනු කවුරුන්ද...? 

තමිල්නාඩුවේ සුප‍්‍රකට දේශපාලන චරිතයක් වන ජයලලිතා ජෙයරාම් මෑත අතීතය තුළ බොහෝ මාධ්‍ය තුළ බහුළව කතා බහට ලක් වූ චරිතයක් වේ. ඒ ඇගේ වත්කම් අක‍්‍රමිකතාවක් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ඇදුණු නඩු විභාගයකින් පසු ඇයට සිර දඬුවම් නියම වීම හා එතෙක් ඇය විසින් දරණ ලද තමිල්නාඩු මහ ඇමති පදවියෙන් ඇය ඉවත් කිරීම නිසාවෙනි. ඇය සම්බන්ධ මෙම නඩු තීන්දුව හා ඇගේ දේශපාලන අනාගතය ගැන පසුගිය දිනවල විශාල වශයෙන් මාධ්‍ය තුළ සාකච්ඡුා විය. එමෙන්ම ඇගේ දේශපාලන ජිවිතය ගැන අද බොහෝ මාධ්‍යන් තුළ කතාබහට ලක් වුව ද, ඇය කාලයක් දකුණු අප‍්‍රිකාවේ සිටි ජනප‍්‍රියම නිළියයි. 

ජය ලලිතා යනු 1948 පෙබරවාරි 24 වැනිදා කර්නාටක ප‍්‍රාන්තයේ දී මයිසූර් නගරයේ දී උපත ලැබූ කාන්තාවකි. මේ නිසා ඇය කන්නඩා පවුලකට දාව උපන් යුවතියක් හැටියට ඇයගේ විරුද්ධවාදීහූ ඇය හැඳින්වීමට පුරුදු වී සිටියහ. එහෙත් ඇය අයත් වූයේ  ස්ටිරන්ගම් ප‍්‍රදේශයෙන් පැවත එන දෙමළ අයන්බර්ග් බ‍්‍රාහ්මණ පවුලකටය. ඇයගේ සීයා මයිසූර්හි මහාරාජාට සේවය කළ වෛද්‍යවරයෙකි. ජයලලිතාගේ උපැන්න සහතිකයේ ඇති නියම නම ”කෝමලවල්ල ජයරාම්ය”. නිවසේ අයත් පාසල් මිතුරියනුත් හුරතලයට ඇය අමතන ලද්දේ අම්මු කියාය.

කොමලවල්ලි මූලික අධ්‍යාපනය ලැබුවේ බැංගලෝරයේ බීෂොප් කාන්තා උසස් විද්‍යාලයෙනි. ඉන්පසු චෙන්නායහි බාලිකා විද්‍යාලයට ඇතුළු මැටිරි කියුලේෂන් විභාගය දක්වාම ඉගෙනුම ලැබූවාය. 1964 දී ඇය මැටිරි කියුලේෂන් විභාගයෙන් සමත් වූවාය. මධ්‍යම පංතියේ පවුලකට දාව ඉපදීම නිසා ජයලලිතාට අන් තරුණියන් ට මෙන් සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ නොලැබුණි. ජයලලිතාගේ පියා ජයරාම් නාස්තිකාර ක‍්‍රියාවන් නිසා පවුලේ අඟහිගකම් එන්න එන්නම වැඩි විය. මේ නිසා ජයලලිතාගේ මව වන වෙදවල්ලිට පවුල ගෙන යාම සඳහා අරගලයක් කිරීමට සිදු විය. 

වෙද වල්ලි රූමත් ගැහැනියකි, තරුණ කාලයේ වේදිකා නාට්‍යයවල පෙනී සිටීම නිසා රංගන ශිල්පිණියක ලෙස ප‍්‍රසිද්ධ වී සිටි ඇය වේදිකාවෙන් ඉවත් වූයේ විවාහයෙන් පසුවය. එහෙත් සිය සැමියාගේ නාස්තිකාර ක‍්‍රියාවන් නිසාත් පවුලේ අගහිඟකම් වැඩි වීම නිසාත් අතට කීයක් හෝ ලබා ගැනීම සඳහා වෙදවල්ලිට යළිත් දන්නා රැකියාවට එක්වීමට සිදු වූයේය. මෙවර ඇය එක් වූයේ වේදිකාවට නොව සිනමා රංගනයටය. සිනමා රංගනයට එක් වීමෙන් පසු සන්ධ්‍යා නමින් පෙනී සිටි ඇය සුළු චරිත රඟපාමින් පවුල නඩත්තු කිරීම සඳහා සුළු මුදලක් සොයා ගත්තාය. මැටිරි කියුලේෂන් විභාගයෙන් සමත් වූ ජයලලිතාට තවදුරටත් ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට ඉඩක් නොලැබුණේ නිවසේ පැවති අගහිඟකම් නිසාමය.

ජයලලිතා කුඩා කල සිටම භාරත නාට්‍ය කලාවටත් කර්ණාටක සංගීතයටත් බෙහෙවින්ම ඇලූම් කළ යුවතියකි. ඒ බව දැන සිටි වෙදවල්ලි කොපමණ අගහිඟකම් තිබුණත් සිය දියණියට භරත නාට්‍යත්, කර්ණාටක සංගීතය හැදෑරීම සඳහා පංතියකට යෑවීමට පියවර ගත්තාය. බී. ආර්. බත්තුලූ එකල කන්නඩා සිනමාවේ සිටි ජනප‍්‍රියම චිත‍්‍රපටි අධ්‍යක්ෂකවරයෙකි. දිනක් ඔහුට ජයලලිතා විසින් ඉදිරිපත් කරන ලද අරංගේත‍්‍රම් නැටුම් දැක්මක් දැක බලා ගැනීමට අවස්ථාවක් ලැබිණි.

ජයලලිතාගේ නැටුම් දුටු බත්තුලූ ඇයගේ හැකියාවන් ප‍්‍රයෝජනයට ගැනීමට ඉටා ගත්තේය. මේ අනුව ඔහු එවකට නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් කර තිබූ ”චින්ඩා ගොම්බේ” නමැති කන්නඩා චිත‍්‍රපටියෙන් ප‍්‍රධාන චරිතය රඟපෑම සඳහා ජයලලිතා තෝරා ගත්තේය. මේ වන විටත් කොමලවල්ලී නමින් හැඳින්වුණු ඇය ජයලලිතා වුයේ ”චින්නඩා ගොම්බේ” චිත‍්‍රපටියෙන් රංගනයට එක්වූවාට පසුවය.  
මේ ආකාරයට සිනමාවටත් පසුව දේශපාලනයටත් පැමිණෙන ජයරාම් ජෙයලලිතා අද වන විට මාධ්‍ය කරලිය තුළ බොහෝ ලෙසින් කතා බහට ලක් වන චරිතයක් බවට පත්ව තිබේ.  

සිනමාවට අවතීර්ණ වීම

පසුගිය කාලසීමාව තුළ ඇමතිනී ජයලලිතා ජයරාම් අත්අඩංගුවට ගැනීම හා ඒ ආශ‍්‍රිත සිදුවීම් පිළිබද විශාල අන්දෝලනයක් ඇති වීය. දැන් ඇය ඇප මත නිදහස ලබා තිබේ.ඇය අත්අඩංගුවට ගැනීමත් සමග බොහෝ පිරිසක් හෘදයාබාධ සහ සියදිවි  නසාගැනීම් වලින් මිය ගියේ ය. මේ සියළු දේට බලපාන ලද්දේ ඇය ප‍්‍රබල දේශපාලන චරිතයක් මෙන්ම 60,70 දශකයේ  දෙමළ සිනමාවේ රජකම් කළ රූමත් නිළියක වීමයි.මෙම කාල සීමාව තුළ දෙමළ සිනමාවේ තීරණාත්මක චරිතයක් වූ හා දකුණු ඉන්දියානු සිනමාවේ නිල නොලත් රැජිණ ලෙස හැදින්වුණු ඇය කොට ගවුම්වලින් හා සාය වලින් සැරසුණු පළමු දෙමළ සිනමා නිළිය ලෙසද ඉන්දියානු සිනමා වාර්තා පොත් අතරට එක්ව සිටියේ ය.

උපන් නම කෝමලවල්ලි වුවද සිනමාව තුළ මේ රූමතිය ප‍්‍රකට වූයේ ජෙයලලිතා නමිනි.වර්තමානයේදී තවදුරටත් සිනමා නිළියක නොවන හා ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්  වන ඇය තම සම්පූර්ණ නම වන ජයලලිතා ජයරාම් යන නාමයෙන් ලොව පුරා ප‍්‍රසිද්ධ වීය. කෝමල වල්ලිට නව යොවුන් වියේදිම ජයලලිතා නමින් සිනමාවට අවතීර්ණවීමට සිදුවූයේ පවුලේ අගහිගකම් නිසා ය.මයිසූර්හි මහරාජාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඇගේ පියා ඇයට වයස අවුරුදු දෙකේදී මිය යන්නේ මත්පැන් වලට පවුලේ දේපළ හා මුදල් දියකිරීමෙන් පසුවය.මේ නිසා ඇගේ මවද පවුලේ වියදමට මුදල් සෙවීමේ අරමුණින් සන්ධ්‍යා නමින් දෙමළ සිනමාවට එක්වූවාය.

කෝමලවල්ලි හෙවත් ජයලලිතාගේ පියා මියයාමත් සමග ඇයගේ මව තම කුඩා දියණියද රැගෙන බැංගලෝරයට පැමිණෙන්නීය.එහිදී ඇය තම ජීවන වෘත්තිය බවට පත්කරගන්නේ දෙමළ සහ කන්නඩ සිනමා පටවලට රංගනයෙන් දායක වීමයි. ඇයගේ් රූ සපුව සහ රංගන හැකියාව නිසාම සිනමා ක්‍ෂේත‍්‍රයේ කිසියම් ස්ථාවරත්වයක් දිනාගැනීමට ඇයට හැකි වූ අතර සිනමාව වෙනුවෙන් ඇය තම නාමය සන්ධ්‍යා යනවෙන් වෙනස් කර ගත්තාය.

සන්ධ්‍යා මෙලෙස රංගනයේ යෙදෙමින් උපයන මුදල් වැයකළේ තම දියණිය වෙනුවෙනි.නේවාසික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි කුඩා ජයලලිතාට හැකි උපරිම අධ්‍යාපනයක් ලබා දීම ඇයගේ අරමුණ වීය.ජයලලිතාද අධ්‍යාපනයෙහි සමත්කම් දැක්වූවාය.ඉංග‍්‍රීසි බස ඇයට හුරු වූයේ කුඩා කල සිටමය. එහෙත් කල් ගත වත්ම සන්ධ්‍යා වටහා ගත්තේ සිනමාව යනු නධානයක් බවත්,තමාට ඉන් ලබාගත හැක්කේ අවම ප‍්‍රමාණයක් බවත්ය.එහෙත් එම නිධානයට උරුමකම් කීමට තරම් රූපයෙන් සහ දැනුමෙන් සන්නද්ධ වස්තුවක් තමා සතු බව ද ඇය වටහා ගත්තාය.ඒ වස්තුව අන් කිසිවක් නොව කුඩා ජයලලිතාය.ඒ අනුව කුඩා වියේදිම මවගේ ආශිර්වාදය මත සිනමාපටවල ට රංගනයෙන් එක් වීමට ජයලලිතාට සිදු වීය.

මේ වන විට කෝමලවල්ලි ඉගෙනීමට දක්‍ෂකම් දැක්වූ හුරුබුහුටි දැරියක වූවා ය.ඉගෙනීමට දක්‍ෂ වුවද එය පසෙකලා ආර්ථික අර්බුදය නිසාම ඇයට සිනමාවට එක්වන්නට සිදු වීය.කෝමලවල්ලි ජයලලිතා නමින් සිනමා නිළියක් වන විට ඇයගේ වයස අවුරුදු පහළොවකි.දියණියගේ අධ්‍යාපනයට බාධාවක් නොවන ආකරයෙන් නිවාඩු කාලයේ රූපගත කිරීම් සිදුකරන බවට නිෂ්පාදකවරුන්ගෙන් ලබාගත් පොරොන්දුව පිට ඇගේ මව මුලින්ම ජයලලිතාට රගපාන්නට ඉඩදුන්නේ ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපයට අනුව යමින් නිර්මාණය කරන ලද ”එපිස්ටල්”නම් ඉංග‍්‍රීසි චිත‍්‍රපටයේය. 

ජයලලිතාගේ සිනමා ජීවිතය

වයස 15ක් පමණ වූ නව යොවුන් වියේදීම සිනමා දිවියට අවතීර්ණ වූ ජයලලිතා ඉන්දීය සිනමාව තුළ රන් සලකුණු තැබූ තාරකාවියකි. ඈ සිහින දුටුවේ හොදින් ඉගෙන ගෙන නීතිඥවරියක වී එම වෘත්තිය හරහා කෝටිපතිනියක වීමටයි. නමුත් පවුලේ පැවතියා වූ අගහිගකම් නිසා ඇගේ සිහිනය බිද වැටුණි. නමුත් අහම්බෙන් හෝ ඈ සිනමාව නැමති මාවතේ තැබූ පය ඈ සුවහසක් ජනතාවකගේ හද ගත් තැනැත්තියක් බවට පත්කෙරීය. ජයලලිතා නාමය සමස්ත ඉන්දියාව තුළත් ඉන් පිටත රට රටවල් වලද ජනතාව අතර ජනප‍්‍රියව පැතිර යාමට ඈ ඉන්දීය සිනමාව තුළ දැක්වූ ප‍්‍රතිභාව ප‍්‍රබල මෙන්ම වඩාත් බලපෑම්කාරී විය. 

සිනමාවට අත්පොත් තැබීම

ඈ සිනමාවට අත්පොත් තැබුවේ ”එපිස්ල්” නම් ඉංගී‍්‍රසි චිත‍්‍රපටිය තුළිනි. එය ජේම්ස් බොන්ඞ්” නැමති චිත‍්‍රපටිය අනුව යමින් තැනූනකි. එය හිටපු ඉන්දියානු ජනාධිපතිවරයකු වූ ආචාර්ය වී.වී ගිරිගේ පුත‍්‍රයා වන ශංකර් ගිරිගේ අධ්‍යක්ෂණයකි. ගී‍්‍ර බසින් ද දෙබස් කවන ලද මේ චිත‍්‍රපටිය 1961 වසරේ තිරගත විය. 

විවිධ සිනමා ධාරා ඔස්සේ පැතිරුණු ප‍්‍රතිභාව

”එපිස්ල්” චිත‍්‍රපටයෙන් ඇරඹි ජයලලිතාගේ සිනමා ගමනය එක් අංශයකට පමණක් සීමා නොවුණි. ඈ කන්නඩ, දමිළ, හින්දි, තෙළිගු ආදී විවිධ සිනමා චිත‍්‍රපට තුළින් තම රංගන කුසලතා එළිදැක්වීය. එතුළින් පැහැදිලි කළේ සිනමාව නැමති මාධ්‍ය තුළ ඈ දැක්වූ විශිෂ්ට බවයි.

කන්නඩ චිත‍්‍රපට 
  
”චින්නඩ ගොම්ර්යබේ” නම් වූ ඇගේ පළමු කන්නඩ චිත‍්‍රපටය ආදායම ලැබීම අතින් අතිශයින් ජනපි‍්‍රය වූ චිත‍්‍රපටියකි. මෙහි අධ්‍යක්ෂවරයා වූයේ සී.වී සර්ධා නමැත්තායි. එය ඇගේ සිනමා දිවියේ සුවිශේෂී මං සලකුණකි.

දමිළ චිත‍්‍රපට

ජයලලිතා රගපෑ පළමු දෙමළ චිත‍්‍රපටය වන්නේ ”වෙන්නිර ආදෙයි” චිත‍්‍රපටයයි. මේ චිත‍්‍රපටය තිරගත වූයේ 1965 දීය. මේ වනවිට ඇගේ වයස අවුරුදු 14කි. මේ චිත‍්‍රපටය හරහා එක රැුයින් තරුවක් වන්නට ජයලලිතාට හැකි විය. ති‍්‍රකෝණාකාර ආදර අන්දරයක් රැුගත් මේ චිත‍්‍රපටය ආදායම් වාර්තා පිහිටුවීමට සමත් විය.

හින්දි චිත‍්‍රපට

හින්දි චිත‍්‍රපට කීපයකටම ඈ තම රංගන කුෂලතාව එක් කළ අතර එ් අතරින් මතකයේ රැුදෙන චරිතයක් බවට පත් වූයේ ”ඉස්සත්” නම් චිත‍්‍රපටය හරහාය.

තෙළිගු චිත‍්‍රපට

ඈ රගපෑ පළමු තෙළිගු චිත‍්‍රපටය වූයේ මනෂුලූ මමතලූ ය. ප‍්‍රථම වරට වීරවරිය හෙවත් පෙම්වතියගේ චරිතයට ඈ රංගන දායකත්වය ලබා දුන්නේ මේ චිත‍්‍රපටය තුළිනි.

ජයලලිතාගේ ජනපි‍්‍රයත්වය 

ප‍්‍රතිභාපූර්ණ නිළියක් ලෙසින් ඉන්දීය සිනමාව තුළ සලකුණු තැබු ජයලලිතා එතුළින් සුවහසක් පේ‍්‍රක්ෂකයින්ගේ සිහින කුමරිය බවට පත්විය. නොසිතූ පරිදි සිනමාව නැමති මාවතේ පියනැගූ ඈ කෙරෙහි ලෝකයක් තුළ විශ්වාසයක්, බැදීමක්, ගෞරවයක් ඇතිවූයේ ඈ සතුව පැවති කුමන කාරණා නිසා දැයි විමසා බැලීම වටී.
  • රංගනයෙහිලා දැක්වූ නිර්භීතකම 
  • ජයලලිතා සතු රූමත්බව 
  • කෙටි ඇදුමින් සැරසී කළ සාරාගී රගපෑම 
  • දක්ෂ ලෙස ගීත ගායනා කිරීමට තිබූ හැකියාව (චිත‍්‍රපටි පසුබිම් ගායිකාවක් වීම
ජයලලිතා රගපෑමට පමණක් නොව ගායනයටත් දක්ෂතා දැක්වීය. ඈ වයස අවුරුදු 4 සිට කර්ණාටක සංගීතය ප‍්‍රගුණ කළාය. ඈ තමා රගපෑ චිත‍්‍රපට කීපයකම ගීත ගායනා කළාය. ” අම්මා එන්ද්‍රාලාල් එම්බු” නැමති ගීතය, ” අදිමායි පෙන්” චිත‍්‍රපටයට ගායනා කළ ජයලලිතා එ් ගී හඩෙන් රසික ලොවක් වසග කරගත්තා. එ් නවසිය හැත්තෑව දශකයේදී. පසුව ජයලලිතා තවත් චිත‍්‍රපට ගණනාවක ගීත ගායනා කළා. එස්.පී බාලසුබ‍්‍රමනියම්, ටී.එම් සවුන්දරාජන් වැනි ගායකයන් සමග යුග ගී ගැයීමටත් ඇයට හැකියාව ලැබුණි.
  • පොත් කියවීමට දැක්වූ දැඩි ඇබ්බැහිකම
ඈ කොතරම් පොත් කියවීමට රුචියක් දැක්වූවාද කිවහොත් ඈ චිත‍්‍රපට රූගත කිරීම් වලටද ගියේ පොතින් සන්නද්ධවය. ඈ සතුව සුවිසල් පුස්තකාලයක් වෙයි.
  • ඉංගීසි භාෂාව හොදින් කතා කිරීමට තිබූ හැකියාව
ඇය තම පි‍්‍රයතම ලේඛකයින් ලෙස චාල්ස් ඩිකන්ස්, ජේන් ඔස්ටන්, ඔස්කා වයිල්ඞ්, බර්නාඞ් ෂෝ, පර්ල් එස්.බක් හා සිඞ්නි ෂෙල්ඩන් ආදීන් හදුන්වාදෙයි.

එම්.ජී.ආර් හා ජයලලිතා සුසංයෝගය

ජයලලිතාගේ ඉරණම තීන්දු කරන ප‍්‍රබලම සාධකය වූයේ එවකට මැදිවියේ පසුවූවද එ් වනවිටත් දෙමළ සිනමාවේ ”කොල්ලාගේ” චරිතය රගපාමින් අතිශය ජනපි‍්‍රයව සිටි එම්.ජී රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර් සමග රගපාන්නට ලැබීමයි. ”ආයරතිල් ඔරුවාන්” චිත‍්‍රපටයේ දෙදෙනා මුලින්ම එකට රගපෑ අතර චෙන්නායි නගරයේ පමණක් දින 100 ඉක්මවා තිරගත වුණු එය ජයලලිතා එම්.ජී ආර් යුගයක් ගොඩනගන්නට මූලික විය. 


විවාහකයෙකු වූ එම්.ජී රාමචන්ද්‍රන් හා ජයලලිතා අතර ප‍්‍රබල හිතවත්කමක් ගොඩනැගුණු අතර ඔවුන් දෙදෙනා එකට රගපෑ චිත‍්‍රපට ගණන 28 කි. තම සිනමා දිවියේ තමා සමග රගපෑ නළුවන් අතරින් තම පි‍්‍රයතම නළුවා ලෙස ජයලලිතා විසින් හදුන්වා දෙනු ලැබූ එම්.ජී.ආර් හා ඇය අතර පෙම් සබදතාව මාධ්‍ය වලට රස පුවත් මැවූ නමුත් ජයලලිතා අදටත් කියන්නේ ඔහු සිනමාවේ මෙන්ම දේශපාලනයේද තම ගුරුවරයා වූවා මිස කිසිකලෙක ඔහු  තම පෙම්වතා නොවූ බවයි.
ජයලලිතා දිනූ සම්මාන
  • තෙවරක් හොදම නිළිය ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇය දිනා ගෙන ඇත. 
  • ”දෙයිවමහන්” චිත‍්‍රපටය ඔස්කාර් සම්මාන උළෙල තුළ හොලිවුඞ් නොවන අංශය නියෝජනය කිරීමට ඉන්දියාවෙන් යවන ලද පළමු දමිළ චිත‍්‍රපටය වීම. 
  • තමිල්නාඩුවේදී කලාවෙහි හා සාහිත්‍යයෙහිලා ඉහළම දස්කම් පෙන්නුම් කරන පුද්ගලයන්ට පිරිනමනු ලබන ”කලෙයිමාමනී” සම්මානය 1972 දී හිමිවීම. 
  • 1972 දී ශිවාජි ගනේෂන් සමග රගපාන ලද ”පතික්කදා පත්තනාමා ” හොදම දමිළ චිත‍්‍රපටය වීය. එහිදී හොදම නිළිය සම්මානය ජයලිතාට හිමි වීය. 
  • ”සූර්යකාන්ති” චිත‍්‍රපටය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමිවිය. 
  • ”ශ‍්‍රී ක‍්‍රිෂ්ණ සත්‍ය” තෙළිගු චිත‍්‍රපටය වෙනුවෙන් තුන්වන වරටත් ෆිල්ම්ෆෙයාර් හොදම නිළිය සම්මානයද ඇයට හිමි වීය.
සිනමාවෙන් සමුගැනීම

1990 වසරේදී කන්දන් කරුනෙයි චිත‍්‍රපටයේ ර`ගපා ජයලලිතා සිනමාවෙන් සමුගත්තාය. එවිට ඇගේ වයස 32 කි.
ජයලලිතාගේ ජීවිත කතාව චිත‍්‍රපටයකට

තමිල්නාඩු ජනතාව ජයලලිතා අම්මා ලෙස ඇදහීම සිදු කරයි. මේ නිසාම ඇය වෙනුවෙන්  ”අම්මා” චිත‍්‍රපටය නිර්මාණය වීය. එය දෙමළ, හින්දි,   කන්නඩ, මලයාලම්, තෙළිගු යන භාෂා වලින් හඩකවා ඇත.මෙහි ප‍්‍රධාන චරිතය වන ජයලලිතාගේ චරිතයට පණපෙවීම සිදු කරනනේ  රාගිනි ද්්ව්වේදී ය. 

උම්මි චිත‍්‍රපටයේදී ජයලලිතා ජමරාම්ගේ චරිතය නිරූපනය කරන රාගිනී මේ වන විට 24වන වියේ පසුවේ. වීරා මහාහාරි චිත‍්‍රපටයෙන් 2009 දී සිනමා රංගනයෙන් පිවිසි ඇය ශ‍්‍රී ලංකාවේ ද ජනප‍්‍රිය චරිතයකි.කෙසේ වෙතත් මෙම සිනමා නිර්මාණය හරහා ජයලලිතාගේ ප‍්‍රතිරූපය තවදුරටත් ගොඩනැගීමට හේතු විය. එමෙන්ම ඇගේ දේශපාලන චරිතය අලලා 1997 වසරේදී මනිරත්නම් අධ්‍යක්ෂණය කළ ඉරුවාර් නම් චිත‍්‍ර
ටයේ ඇයගේ චරිතයට පණ පෙව්වේ අයිෂ්චර්යා රායි විසිනි.

කෝමලවල්ලි හෙවත් ජයලලිතා නැවත කිසි දිනක දේශපාලන කරලියේ හෝ සිනමා කරලියේ රඟ දෙනු ඔබට දකින්නට නොලැබෙනු ඇත. ඇගේ මතකයන් ලාංකිකයන් වශයෙන් අපට කෙතරම් නීරස වූවත් සිනමා ලෝලී පේ‍්‍රක්‍ෂකයින්ට සහ දකුණු ඉන්දීය දේශපාලන කරලියටනම් ඇගේ සමුගැනීම ශෝචනීය විලාපයක් වනවාට සැක නැත. දිවි රඟමඩලෙන් සමුගත් කොමළවල්ලී ඔබට නිවන් සුව අත්වේවා... 

සංවේදී සටහන :- අමිල නුවන් මධුසංඛ

Sunday, March 26, 2017

සමාජ විකාශනාත්මකවාදය

සමාජ විකාශනාත්මකවාදය 
KLN.AC.LK 

රාජ්‍යයේ උපත පිලිබද සාකච්ඡා කරනු ලබන මතවාදයක් ලෙස සමාජ විකාශනාත්මකවාදය හදුන්වාදිය හැකිය. නිශ්චිත එක් කර්තෘවරයෙකු නොමැති නමුදු යුරෝපය තුල ක්‍රමිකව විකාශනය වූ න්‍යායක් ලෙස දැක්විය හැකිය.

මහාචාර්ය ගානර් පෙන්වාදුන් ආකාරයට රාජ්‍ය යනු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් හෝ අසහාය බලයෙන් යුතු පුද්ගලයෙකුගේ බලය මතින් නිර්මාණය වූවක් හෝ සමාජය තුල ඇති වූ සම්මුතියක හෝ ගිවිසුමක ප්‍රතිඵලයක් නොවන අතර එය සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූවකි.
විකාශනාත්මකවාදයට අනුව ප්‍රථමයෙන්ම පවුලද පවුල් රැසක් එක් වීම තුලින් ග්‍රෝත්‍රයද ග්‍රෝත්‍ර, ග්‍රෝත්‍ර එක් වීම හරහා සමාජයද නිර්මාණය විය.සමාජය අතිශය සංකීර්ණ ආයතනයක් වන අතර එහිදී සමාජය තුල ගොඩනැගෙන සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වශයෙන් සමාජය තුලින් රාජ්‍ය නිර්මාණය විය.
  • පවුල 
  • ග්‍රෝත්‍රය 
  • සමාජය 
  • රාජ්‍යය
මෙලෙස රාජ්‍යයක් ලෙස මිනිසුන් ඒකරාශි වීමට බලපෑ සාධකයන් රාශියක් විය.එනම්
  • ඥාතීත්වය
  • ආගම
  • පොදු වාසස්ථානයක පදිංචි වීම
  • ආරක්ෂාව 
  • ආර්ථික අවශ්‍යතා
  • දේශපාලන හැගීම්
මෙම හේතු පදනම් කරගෙන නිර්මාණය වු රාජ්‍ය අද පවතින රාජ්‍ය නොවේ. විකාශනාත්මකවාදය තුල ආරම්භ වූ රාජ්‍ය ක්‍රමය නූතන ජාතික රාජ්‍ය දක්වා විකාශනය වී ඇත්තේ පහත දැක්වෙන ආකාරයෙනි.
  • ග්‍රෝත්‍ර රාජ්‍ය
  • පෙරදිග රාජ්‍ය
  • ග්‍රීක නාගරික රාජ්‍ය
  • රෝම අධිරාජ්‍ය
  • වැඩවසම් රාජ්‍ය
  • නූතන ජාතික රාජ්‍ය
සටහන :- අමිල නුවන් මධුසංඛ

Saturday, March 25, 2017

මටත් වඩා සරාගී ආකර්ශනයක් ඛාන්ල ගාව තියෙනවයි කියලයි මමනම් හිතන්නෙ.

මටත් වඩා සරාගී ආකර්ශනයක් ඛාන්ල ගාව තියෙනවයි කියලයි මමනම් හිතන්නෙ. 

කාලෙකට පස්සෙ ඔන්න අපි ආයෙමත් ටිකක් වෙනස් විදිහෙ වැඩකට අත තියන්න හිතුව. බොලිවුඞ් ගැන දැනගන්න ඔයාල කොහොමත් කැමතියිනෙ. සනී ලියෝන් කියන්නෙ මේ දවස්වල කවුරුත් කතාබහ කරන චරිතයක්. එයා කවුද කියන්න ඔයාල හොදටම දන්නව. ඒ වුනත් දැන් එයාව ගොඩක් අය අඳුනන්නේ නිල් චිත‍්‍රපට නිලියකටත් වඩා ජනප‍්‍රිය බොලිවුඞ් නිලියක් විදිහට. රාගිනී එම්. එම්. එස් සිනමාපටයෙන් ලොවක් වසඟ කළ සනී මේ දවස්වල වැඩිපුරම ගැවසෙන්නෙ ශාරුක් එක්කලූ. ඒකට හේතුව රීස් සිනමාපටයේ සනී අයිටම් ගීතයකට පෙනී සිටීම. ෙලෙයිලා කියන පරන සින්දුවට හදපු අලූත්ම රීමේක් එකේ සනීගෙ දක්‍ෂතාවයන් අපිට තවත් අපූරුවට දැකබලාගන්න හැකියාව ලැබෙනවා. අපි බලමු පාර දිගේ ඇවිදින ගමන් සනී මොනවද කියන්නෙ කියල ... 

  • මේ දවස්වල බොලිවුඞ්වල ඉන්න සරාගී කඩවසම්ම ඛාන් කවුද සනී ... ? 

ඒකනම් උත්තර දෙන්න අමාරු ප‍්‍රශ්නයක්. මම දකින විදිහට එයාල හැමෝම කඩවසම්. ඒ අයගෙ ශරීරවල සරාගීබව උතුරනවා. හැමකෙනෙක්ම ඉන්නෙ මටත් වඩා ගොඩක් ඉහළ තැනක. සරාගී නිළියක් විදිහට මටත් එයාල ගාවදි පුංචි චකිතයක් ඇතිවෙනවා ... 

  • ශාරුක් එක්ක වැඩ කලාට පස්සෙ එයාගෙන් ඉගෙනගත්තු එක දෙයක් කියන්න බලන්න ...

මම හිතන්නෙ මම ගොඩාක් ධනාත්මක දේවල් ඉගෙනගත්තා එයාගෙ ජීවිතෙන්. බොලිවුඞ්වල වැඩ කිරීමෙන් මම මෙතෙක් ලබපු හොදම අත්දැකීම කීවොත් නිවැරදියි. මානව ගුණාංගයන්ගෙන් පිරුණු මිනිසෙක් එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්. 

  • දෙමාපියන්ගෙන් ආදරයක් නොලැබෙන ඔයාගෙ ජීවිතය ඇතුලෙ සැමියගෙන් ලැබෙන සහයෝගය මොනවගේද ?

ඒ සහයෝගය මම කොහොමද වඩන වලින් විස්තර කරන්නෙ. මගේ රැුකියාව ගැනවත් හිතන්නෙ නැතිව ඔහු දැවැන්ත සෙවනැල්ලක් වගේ මගේ පසුපසින් ඉන්නවා. ඒක මට ලොකු ශක්තියක්. ඉතින් මට දෙමාපියන්ගේ ප‍්‍රතික්‍ෂේප කිරීම දැනෙන්නෙවත් නැහැ. 

  • මේ දවස්වල සෝෂල් මීඩියාවල ඉන්න ජනප‍්‍රියම චරිතය ඔයාද ?

ඇත්තටම මිලියන 02කට වැඩි රසික පිරිසක් පසුගිය දින කිහිපයේ පමනක් මගේ ට්විටර් අඩවියේ සාමාජිකයන් බවට පත්වෙලා තියෙනවා. ඇත්තටම මම එයාලට ගොඩාක් ආදරෙයි. ඒඅ ය නිතරම හොයන්නෙ මම කරන අලූත් වැඩ ගැන තමයි. 


  • ලෙයිලා ගීතය වෙනුවෙන් ශාරුක්ගෙන් පළමු දුරකථන ඇමතුම එනකොට ඔබට මොනවගේ හැගීමක්ද ඇතිවුනේ ... ?

මම ඒ වෙලාවෙ ගොඩක් කන්ෆියුස් වුනා. ශාරුක් වගේ කෙනෙක් ඇයි සනී ලියෝනිට කතා කරන්නෙ කියන හැගීමයි මට ඇතිවුනේ. අයිටම් නම්බර් එකක් කරන්න එන්න කීවම ඇත්තටම මම ශොක් වෙලා ගියා. මම මේ දකින්නෙ හීනයක්ද කියන තරමට ම. 

  • සතුටුදායක විවාහ ජීවිතයක් ගතකිරීමේ රහස මොකක්ද සනී ... ?

ඒක හරිම සරළ කාරනයක්. සතුටු දායක බිරිදක් ඉන්නවනම් එයාට පුලූවන් සැමියාගේ මුළු ජීවිතයම සතුටුදායක කරන්න. ආදරය සහ ගරු කිරීම තමයි මෙහිදී වඩාත් වැදගත් වෙන්නේ. කිසිම වෙලාවක තමන්ගේ සහකරු හෝ සහකාරියට අපහාස කරන්න හොද නැහැ. 

  • ඔයා මොන ඇඳුම ඇන්දත් සෙක්සි විදිහටම පේන්නෙ ඇයි ... ? 

එහෙනම් ඔයාට වැරදිලා. මම උදේ පාන්දර නැගිට්ට ගමන් දැක්කොත් ඔයා කවදාවත් කියන එකක් නැහැ සනී තමයි මේ ලෝකෙ ඉන්න සරාගීම ගැහැනිය කියල. 

  • ඩැනියෙල් එක්ක පාන් පෙත්තක් කාල දවස පටන්ගන්න තරම් ඔයා සරලයිද ?

ඇයි නැත්තෙ. මම ඒ වගේ සරළ කෙනෙක් තමයි. අපේ ජීවිතවල ගොඩක් ලොකු බලාපොරොත්තු නැහැ. හීන නැහැ. ඉතින් ඇයි අපි සරළ බවින් අත්මිදෙන්නෙ.

  • ගැහැනියක් මුලින්ම පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද ?

මම දන්නෙ නැහැ අනිත් අය ගැන කියන්නනම්. ඒ වුනත් මම ඩැනියෙල්ගෙන් මුලින්ම බලාපොරොත්තු වුනේ එයාගෙ අම්මටයි සහෝදරියටයි හොදට සලකනවද කියන දේ. එයා එහෙම කරනවා කියන්නෙ එයා කාන්තාවකට ගරුකරනව කියන එක. අනෙත් කාරනය තමයි නිදහස. 

  • කන්තාවක් විදිහට අනෙක් කාන්තාවන්ට සාර්තකව ජීවත්වීම සම්බන්ධයෙන් පණිවිඩයක් දෙන්න කැමතිත ?

මම කොහොමද එයාලට අවවාද කරන්නෙ. ඒක හරිම අසාර්ථක උත්සාහයක් වේවි. හැබැයි මම කියන්නෙ හැගීම් කියන දෙවල් හිතේ හිරකරගෙන ඉන්නෙ නැතිව ඔබ ඔබම වෙන්න කියන එක විතරයි. 

  • රාලිනී එම්.එම්.එස් 03 සඳහා රඟපාන්න ආරාධනා කළොත් ඒකෙ හොල්මන විදිහට තෝරගන්නෙ මොන ඛාන් ද ?

ඛාන් කෙනෙක්ට හොල්මනක් වෙන්න බැහැ. මොකද එයාල නිරන්තරයෙන් මගේ හිතේ හොල්මන් කරන නිසා.

  • කවුරුහරි කීවොත් ඔබට තියෙන්නේ පිරිමින් වසඟ කරන සරාගී කටහඩක් කියලා ...

මගේ සිරුර සරාගී වෙන්න පුලූවන්. නමුත් මගේ කටහඩ එහෙමයි කියල මම හිතන්නෙ නැහැ. සමහරු කියනව මම මවාගෙන කතාකරනව කියල. ඒක වැරදියි ඉන්නෙ නියම සනී තමයි. 

  • සනීගෙ සිහින ලෝකෙ මොනවද තියෙන්නෙ ?

මගේ සිහින ලෝකෙ තියෙන්නෙ ටෙඩි බෙයාලා සහ පීට්සා විතරමයි. මම ගොඩක් කැමතියි පීට්සා කන්න. ඇඟ ගැන රූපෙ ගැන මම ඒ තරම් වද වෙන්නෙ නැහැ. හම්බුනොත් පීට්සා කන්දක් විතර කයි. 

  • ඔබ මේ ලෝකේ වැඩිපුරම විස්වාස කරන්නේ කවුරුන්ද ? 

මගේ තාත්තව. එයා මාව ප‍්‍රතික්‍ෂේප කළා වුනත් මම අදටත් විස්වාස කරන්නෙ එයා තමයි. දැන් එයාගෙ වයස 72ක්. මගේ ජීවිතේ මගේ හැමදේම එයා තමයි. ඒත් අද එයා මට විරුද්දයි. 

  • ඔයාට අවස්ථාවක් ලැබුනොත් පරන චිත‍්‍රපටයක නව නිර්මාණයේ රඟපාන්න ... 

කල්නායක් චිත‍්‍රපටයට මම ගොඩක් කැමතියි. එහි මධුරි ඩිස්කිත්ගේ චරිතය මට ගොඩක් හොදට අල්ලලා යනවා. ජෝලී කේ පී කේ ජායේ සින්දුවට තනියම වුනත් නටන්න මම සූදානම්. 

  • ඇයි ඔයා ඉන්දියාවට එන්න හිතන්නෙ ?

මෙතැන තමයි මගේ නවාතැන්පල. මම ගැන ගොඩක් අන්තර්ජාලයෙන් හොයල තියෙන්නෙ ඉන්දියාවේ අය. ඉතින් ඇයි මම එයාල සතුටු කරන්න නොඑන්නෙ. 


  • ඔබේ අතීතය ගැන පොතක් ලියන්න කැමති නැතිද ?

පොතක් නෙවෙයි පොත් දාහක් වුනත් ලියන්න පුලූවන්. ඒ තරමටම නීරස, දුක්ඛදායක, සතුටුදායක අත්දැකීම් මට හිමිවෙලා තියෙනවා. ඇත්තටම සනී කියන්නෙ ලෙජන්ඞ් එකක්. 

  • ඔබ දැන් වැඩිහිටියන්ට පමනක් ලේබල්වූ නිලියක් වෙලා නේද ?

ඇයි මම දුක් වෙන්නෙ මම සතුටු වෙන්න ඔනි ඒ වගේ තැනක් මට ලැබුණු එක සම්බන්ධයෙන්. කාටවත් නොලැබුණු චාන්ස් එකක්නෙ මට ලැබිල තියෙන්නෙ ...

සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ

Friday, March 24, 2017

ලංකාවෙ මිනිස්සුන්ට මම ගොඩක් ආදරෙයි. එයාලව දාල යන්න දුකයි වගේ ...

ලංකාවෙ මිනිස්සුන්ට මම ගොඩක් ආදරෙයි. එයාලව දාල යන්න දුකයි වගේ ...  

මීට කලින් දවසක මම ඔයාලට කීව කාලයක් තිස්සෙ ඔයාල ආදරය කරපු ඔෂීන් එහෙමත් නැතිනම් අයාකෝ කොබොයොෂි කියන දක්‍ෂ, ජනප‍්‍රිය ජපන් රංගන ශිල්පිනිය ලංකාවට එනව කියල. ඔන්න ඔයාලත් පෙබරවාරි 02 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට ආවනම් ඔෂීන්ව හිත පුරා දැකගන්න තිබුණ. සාම්ප‍්‍රධායික ජපන් කාන්තා චරිතයෙන් නොමිදුණු අයාකෝ හරිම සුන්දර චරිතයක්. ලා කහ පාටට හුරු සකුරා මලින් හැඩවුණු කිමෝනාවකින් සැරසිලා හිටපු අයාකෝගේ මූනෙ හිනාවක්නම් කොයිම වෙලාවකවත් අතුරුදන් වුනේ නැහැ. Japan Expo 2017 ප‍්‍රදර්ශනය බලන්න ආපු විශාල ජන ගඟ මගඇරල යන්නත් අයාකෝ එහෙමත් නැතිනම් ඔයාල ආදරය කරන ඔෂීන්ට හැකියාව ලැබුනෙ නෑ. 

මීට අවුරුදු ගානකට කලින් ඔෂීන් කියන ඒ පුංචි කෙල්ලට අපි කොයි තරම් ආදරය කලාද ? එදා පරපුරේ විතරක් නෙවෙයි අලූත් පරපුරේත් ආදරය ලබන්න අයාකෝට වාසනාව ලැබුණ. ඒ මෑතකාලයේත් ඔෂීන් පුංචි තිරය මත දිගහැරුණු නිසා. ලංකාවට ආපු පළමුවැනි වතාව වුනත් එයාට ආදරය කරන ඔයාල වෙනුවෙන් වචනයක් නොකිය යන්න තර ඔෂීන් අකාරුණික වුනේ නැහැ. ඒ නිසාම අපේ රටේ ජනප‍්‍රිය මාධ්‍ය රැුසක් වෙනුවෙන්ම එයා මාධ්‍ය සාකච්ජාවකුත් පැවැත්වූවා. ඒ ලැබුණු අවස්ථාවෙන් ඔෂීන්ගෙ ජීවිතේ තියෙන ගොඩක් දේවල් අපිට දැනගන්න පුලූවන් වුනා. කියවලම බලන්නකො ඒ සුන්දර පිළිසඳරෙදි මාධ්‍ය හිතවතුන් අහපු ප‍්‍රශ්න වලට ඔෂීන් උත්තර දීල තිබුනෙ කොහොමද කියල ...

  • ඉතින් ඔෂීන් කොහොමද මේ දවස්වල තොරතුරු ?

ඇත්තටම ගොඩක් සතුටින් තමයි මේ දවස්වල ඉන්නෙ. ජීවිතේ පුදුමාකාර සැහැල්ලූවක් දැනෙනවා ඉතින් මම නිදහස බුක්ති විඳිනවා. පහුගිය දවස්වල ටිකක් විතර කාර්ය බහුල වෙලා හිටිය. දැන්නම් මම ඒ වැඩ වලින් ටිකක් නිදහස් වෙලයි ඉන්නෙ. 
  • ලංකාවේ ආගන්තුක සත්කාර පිළිබඳව ඔයාට සතුටුයි ද ?

මේ රටේ තියෙන ආගන්තුක සත්කාර හරිම සුවිශේෂියි. ඒ වගේ තමයි පිළිගැනීමත් හරිම ඉහළයි. මම ගුවන් යානයෙන් බිමට බැහැපු අවස්ථාවේ සිට මට ලැබුනෙ ගොඩක් උණුසුම් පිළිගැනීමක්. එයාලට මගෙත් එක්ක සෙල්ෆි ගන්න  ඕනි වුනා. මගෙත් එක්ක කතා කරන්න මගෙත් එක්ක හිනාවෙන්න එයාල දැක්වූයේ පුදුමාකාර කැමැත්තක්. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඇතුලෙදිත් මට ලැබුනේ කියාගන්න බැරි තරම් වටිනා පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයක්. 
  • මේ ඔබ ලංකාවට පැමිණි කී වෙනි අවස්ථාවද ?

පළමු වතාවට තමයි මම ලංකාවට ආවෙ. දැන්නම් මට හිතෙනවා ඇයි මම මීට කලින් ලංකාවට ආවෙ නැත්තෙ කියල. සොබාදහමින් පිරිපුන් සුන්දර රටක් තමයි ලංකාව. මිනිස්සුත් හරිම හොදයි. ආයෙමත් එන්න හිතෙනවා මට ලංකාවට. 
  • ලංකාවෙ අය ඔබව දන්නෙ ඔෂීන් විදිහට ... එයාල ගොඩක් ඔයාට ආදරෙයි. මොනවද හිතෙන්නෙ ඒ ගැන ? 

මටම පුදුමයි ලංකාවෙ මිනිස්සු මට මේ තරම් ආදරෙයි කියන එක සම්බන්ධව. ඇත්තටම ඒක විශ්මය දනවන සුළුයි. මීට වසර 20කට කලිනුයි ඔෂීන් තිරගත වුනේ. ඒත් එයාල තවමත් මගේ ඔෂීන් කියන නමින් මාව අඳුනනවා. හරිම සතුටුයි ඒ ගැන. ඇත්තටම මට මේ වෙනස් අත්දැකීම දරාගන්න අමාරුයි. 
  • කොහොමද ඔෂීන්ට ලැබුණු ප‍්‍රතිචාර ?

ඔෂීන් කියන්නෙ මගේ ඡුීවිතේ තවත් එක් තීරණාත්මක කඩඉමක්. ඒක මගේ වාසනාවට ලැබුණු චරිතයක්ය කීවොත් හරි. ජපානයේ පරන අය තමයි මාව ගොඩක් අඳුනන්නෙ. අලූත් පරපුේර බොහෝ දෙනා මාව දන්නෙ නැති තරම්. නමුත් ලංකාවෙ එහෙම නෑ. බාල, තරුණ, මහලූ කොයි කා අතරත් ඔෂීන් ජනප‍්‍රිය යි. 
  • මෙවර ඔබ ලංකාවට පැමිනීමට හේතු වූ කාරණා පිළිබඳ මතක් කළොත් ...

Japan Expo 2017 උත්සවය විවෘත්ත කරන එක තමයි මෙම ගමනේ මූලික අරමුණ වුනේ. අනෙක් කාරණය තමයි ඔෂීන් ටෙල නාට්‍යය ඇසුරුකරගනිමින් නි්රමාණය කළ නවතම චිත‍්‍රපටයේ ආරම්භයට සහ පූ්රව ප‍්‍රචාරණයට තමයි මම ලංකාවට ආවේ. ටෙලි නාට්‍යයක් විදිට ඔයාලට සමීප වුණු ඔෂීන් චිත‍්‍රපටයක් විදිහටත් දැන් ඇවිත් තියෙන්නෙ. Japan Expo 2017 දීම අපි ඒක එළිදක්වන්න සූදානම්. මේ හැම වැඩකටයුත්තකම ප‍්‍රධාන ආරාධිත අමුත්තිය විදිහට තමයි මම ලංකාවය ආවෙ. 
  • ඔබේ පැමිනීමට දේශපාලනික සම්බන්ධකමක් නැතිද ? 

ඒ ගැනනම් කියන්න මම දන්නෙ නැහැ. නමුත් ජපන් රජය සහ ශ‍්‍රී ලංකාව අතර තියෙන සම්බන්ධතාවය මේ ඔස්සේ තවත් වැඩිව්රධනය වෙනව කියලනම් මම දන්නව. හැබැයි මගේනම් කිසිම දේශපාලනික සම්බන්ධතාවයක් නැහැ. 
  • ඔෂීන් කරන කාලේ සිදුවූ අපූරු සිදුවීම් එහෙමත් ඇති නේද ?

අයියෝ ඔෂීන් කරන කාලෙ සිද්ධවුණු හැම දෙයක්ම අමතක නොවන අත්දැකීමක් තමයි. ජපානයේ උතුරු පලාතේ යමගාතා ප‍්‍රදේශයේ තමයි මේ නාට්‍යයේ මූලික රූගත කිරීම් සිදුකළේ. මම පුංචි කෙනෙක් නිසා ඒ දේශගුණ යමට දරාගන්න ගොඩක් අමාරු වුනා. තද සීත සුළං පුංචි මට ඔරොත්තු දුන්නෙ නැහැ. හිම වැටෙනවා ගංවතුර එනවා. ඒ වගේ අමතක නොවන සිදුවීම් බොහෝමයක් ඔෂීන් ඇතුලෙ හැංගිලා තියෙනවා. අද ඒ දේවල් මතක් කරනකොටත් මට සතුටුයි.  
  • ඔෂීන් නාට්‍යයේ ඔබ කළ අභියෝගාත්මක අවස්ථාව මතක් කළොත් ... 

මම ඔෂීන් චරිතයට හදවතින්ම ආදරෙයි. ඉතින් මට ඒක අභියෝගයක් වුනේ නැහැ. හැබැයි පුංචි ඔෂීන් එයාගෙ අම්මගෙන් වෙන් වෙලා යන ඒ සංවේදී අවස්ථාව නිරූපනය කරන එක මට ගොඩක් අපහසු වුනා. මොකද මම ඒ චරිතයේ කිමිදිලා හිටපු නිසා. අනෙක් අවස්ථාව තමයි නිතර නිතර සීතල ජලයේ රෙදි සෝදන්න වීම ඒ කාලෙ මට මේ වගේ දේවල් තමයි අභියෝගයක් වුනේ. ඒකෙ වෙනස තේරෙන්න ඒ අත්දැකීම විඳින්නම  ඕනි. 
  • ඔෂීන් වැනි ටෙලිනාට්‍යයක් වෙනස් සංස්කෘතියක් තියෙන රටක ප‍්‍රදර්ශනය වීම සම්බන්ධව ඔබට මොනවද කියන්න තියෙන්නෙ ?

ඒක කොයිතරම් හොඳ දෙයක් ද ? මේ වගේ නාට්‍ය රට රටවල් අතර හුවමාරු වීම නිසා අපිට අපේ සම්බන්ධතා තවත් ශක්තිමත් කරගන්න පුලූවන්. වෙනස් සංස්කෘතික අත්දැකීම් ලබාගන්නත් පුලූවන්. දැන් බලන්නකො ලංකාවෙ මිනිස්සු මට කොයි තරම් ආදරෙයිද ? ඒ ඔෂීන් නිසානෙ. ඉතින් ලංකාවෙ හැමෝම මගේ යාලූවො වෙලා ඉන්නවා. 
  • ලංකාවෙ සහ ජපානයේ තිබෙන වෙනස් සංස්කෘතිය ඔබට දැනෙන්නෙ කොහොමද ?

ලංකාව කියන්නෙ ගොඩක් ලස්සන රටක්. ලංකාවෙ වෙරළ තීරයත් ගොඩක්ම ලස්සනයි. ගුවනේ සිට බලනකොට තමයි ඒ ලස්සන ගොඩක් හොදට පේන්නෙ. ඒක පුදුමසහගතයි. සමහර දේවල් ජපානයට වඩා ගොඩක් වෙනස්. ලංකාවෙ තියෙන ගොඩනැගිලි වලටත් ම ගොඩක් කැමතියි. ඒවා හරිම සිත්ගන්නා සුළුයි. ලංකාවෙ මිනිස්සු ලස්සනට අඳිනවා. අලූත් අලූත් විලාසිතා කරනවා. ලංකාවෙ අයගේ සිනාවට මම ගොඩක්ම කැමතියි ... 
  • ඔෂීන් තිරගතවීමෙන් පසුව ඔබට ඔෂීන් කාටුන් එකටත් හඬ දායකත්වය ලබාදෙන්න පුලූවන් වුනා. 

ඒක වෙනස් අත්දැකීම් දෙකක්. ඔෂීන් තුළ ම කළේ ස්වභාවිකත්වය ප‍්‍රතිනිර්මාණය කිරීමක් පමනයි. නමුත් කාටුන් එක ඊට ගොඩක් වෙනස්. නමුත් ඔෂීන් සැබෑ චරිතයේ මතකයන් එක්ක කාටුන් එකට හඬ දෙන්නත් මට පුලූවන් වුනා. 
  • ඔෂීන් චරිතය නිසා ඔබට විශේෂ වරප‍්‍රසාධ එහෙමත් ලැබිල ඇති නේද ?

ජපානයේ ඔෂීන් තිරගතවෙලා ගොඩක් කල්. එදා තත්ත්වය සහ අද තත්ත්වය ගොඩක් වෙනස්. ඒ කාලෙ මට ගොඩක් වරප‍්‍රසාද ලැබුණ. නමුත් මම පෞද්ගලිකව ඒව බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. 
  • ඔබට මෑතකදී ලංකාවේ සිනමාපටයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. කොහොමද ඒ අත්දැකීම ?

මම ගොඩක් වාසනාවන්තයි. මම ආදරය කිරන මිනිස්සු ඉන්න රටේ සිනමා පටයකට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබීම ගැන. සුමිත‍්‍රා රාහුබද්ධගේ කන්දක්සේමා නවකතාව පාදක කරගනිමින් අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කරන සිනමාපටයක රංගනයෙන් දායකවීම මට වෙනස්ම අත්දැකීමක් වුනා. අද උදේ මට එහි අධ්‍යක්‍ෂකවරයා සහ තිර රචිකාව මුණගැහුණා. සවස් වරුවේ එහි රඟපෑ තරුණ දක්‍ෂ රංගන ශිල්පිනියකවන නිරෝෂා මාව හමුවෙන්න එනවා කීවා. හරිම සතුටුයි මට. 
  • ලංකාව හා ජපානය අතර ඇති ගැඹුරු සම්බන්ධය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නෙ ?

ශ්‍රී ලංකාවේ හා ජපානයේ සම්බන්ධතාව දශක ගණනාවක් තිස්සේ පවතින්නක්. ඒකට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. Japan Expo 2017 වැනි ප‍්‍රදර්ශන තව තවත් පැවැත්වීමෙන් ඒ සම්බන්ධකම් තවදුරටත් ශක්තිමත් කරගන්න පුලූවන් වෙයි. 
  • ලංකාවෙ ඔයාට ආදරය කරන අයට මොනවද ඔබට කියන්න තියෙන්නේ ?

ඔෂීන් ආදරයෙන් නැරඹුවාට මගේ සුන්දර රසික රසිකාවන්ට ගොඩක් ස්තූතියි. ජපානයේ ඔෂීන් හදන්න දායක වූ කණ්ඩායමත් ඒ ගැන ඉන්නෙ ගොඩක් ලොකු සතුටකින්. ඔෂීන් හරහා ජපානයේ සංස්කෘතිය හා සමාජ ස්වභාවය පිළිබඳව ලංකාවෙ මිනිස්සුන්ට දැනගන්න, දැකගන්න පුලූවන්කම ලැබුණා. ඒක ගැන ගොඩක් සතුටුයි. මේ වගේ් වැඩසටහන් ඔස්සේ ලංකාවෙ මිනිස්සුන්ට ජපානය ගැන තව තවත් දැනගන්න ලැබෙනවනම් හොදයි. ඒ ඔස්සේ ජපානයේ සහ ශ්‍රී ලංකාවේ මිත‍්‍රත්වය තව තවත් ශක්තිමත් කරගන්න පුලූවන් කියලා මම හිතනවා. 

සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ/නිමාෂා කෞමදී 

Thursday, March 23, 2017

අමීෂාට අභියෝගයක් වෙන්න කිසිම කෙනෙක් නැති හැඩයි... මේ ඉන්නේ හොදම වැඩකාරයෝ ...


අමීෂාට අභියෝගයක් වෙන්න කිසිම කෙනෙක් නැති හැඩයි... මේ ඉන්නේ හොදම වැඩකාරයෝ ...

ගොඩක් අය හිතන්නෙ ඉන්දියාවෙ ඉන්න නළු නිළියන්ට පුලූවන් ලස්සනට නටන්නයි රඟපාන්නයි විතරයි කියල. ඒත් ඒක එහෙම නැහැ. ජනප‍්‍රියත්වය දක්‍ෂතාවය වගේම උගත්කමත් බුද්ධියත් අරගෙනම බොලිවුඞ් වලට ආපු අයත් නැතිවම නෙවෙයි. සමහර අය උපාධිදාරීන්. සමහර වෙලාවට අපි දකිනව කලාවට කිසිම සම්බන්ධයක් නැති ක්‍ෂේත‍්‍රයක ඉදන් කලාවට ආපු අයත්. හැබැයි එයාල කිසිම දේකට අදක්‍ෂයි කියලනම් පෙන්වන්නෙ නැහැ. අපේ රටේ අයත් කැමති ඇතිනෙ එයාල ආදරේ කරන බොලිවුඞ් නළු නිළියන්ගෙ ඉගෙනීම් කටයුතු මොනවගේද කියල දැනගන්න. මෙයාලගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන අහපුවම සමහරවිට ඔයාලට පුදුමත් හිතෙයි. ඒක නිසා අපි බලමු තිරයේ දක්‍ෂකම් දක්වන අය පාසලේදිත් ඒ වගේම දක්‍ෂ වෙලා තිබුණ ද කියල ... 


ෆිල්ම් ෆෙයාර් සඟරාව නිතරම නළු නිළියන්ගෙ පෞද්ගලික ජීවිතේ ගැන හොයල බලනව. ඒ වගේ අවස්ථාවක තමයි එයාල මේ අයගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් හොයල තිබුනෙ. 2016 වසරට අදාලව කරපු මේ සමීක්‍ෂණයට අනුව දස වෙනි ස්ථානය ලබාගෙන තිබුනෙ විද්‍යා බාලන්. කහානී, ඩර්ටි පික්චර් වගේ චිත‍්‍රපටවලින් පේ‍්‍රක්‍ෂකයින් වසඟයට ගත්තු විද්‍යා මුම්බායි විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් ඩිග්රියක් තියෙන කෙනෙක්. ඒ වගේම මේ ලයිස්තුවේ නව වැනි තැනට පත්වෙලා තිබුනෙ කොයි මිල් ගයා, වීර් සාරා වල හිටපු හුරු බුහුටි ප‍්‍රීති සින්ටා. එයා මනෝවිද්‍යා උපාධිදාරිනියක් වගේම අපරාධ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් මාස්ටර්ස් එකකුත් කරලයි ඉන්නෙ.


මේ වර්ගකිරීම්වල අට වෙනි තැනට පත් වෙන්න ආර් මාධවන්ට හැකිවෙලා තිබුණ. ත‍්‍රී ඉඩියට්ස්, තනූ වෙඞ්ස් මනූ වලින් දස්කම් දක්වපු මාදවන් ඉන්දියාව නියෝජනය කරමින් සංස්කෘතික තානාපතිවරයකු ලෙස කැනඩාවටත් ගිහින් තියෙනවා. ඒ විදිහට මේ ලැයිස්තුවේ හත් වෙනි තැන හිමි විකී ඩෝනර් චිත‍්‍රපටයේ හිටපු විසේකාර අයූෂ්මාන් කුරානා ට. එයා චන්දිගර්වල තියෙන පන්ජාබ් විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳව මාස්ටර් එකක් කරල තියෙනවා. අයූෂ්මන්ත් හත්වෙනි තැනට එනකොට හය වෙනි තැන හිමිකරගෙන තිබුනෙ සුපිරි නළු අමිතාබ් බච්චන්. එයා  ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයෙන් උසස් උපාධියක් හිමිකරගත්තු කෙනෙක්.
දැන් අපිට බලන්න තියෙන්නෙ කවුද ඉන්දියාවෙ නිළියන්ගෙන් බ‍්‍රයිඞ්ම කේස් පහ කියල. ඔව් පස් වෙනි තැන දිනාගෙන තියෙන්නෙ අමිතාබ්ගෙ ආදරනීය ලේලි පොඞ්ඩ ඓශ්වර්යා රායි බච්චන්. ඇයත් ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ උපාධිදාරිනියක්. ඒ වුනත් ඉගෙනගන්න කාලෙ එයා වැඩි නැඹුරුවක් දක්වල තියෙන්නෙ සත්ව විද්‍යාව පැත්තට. දන්නවද මේ අය අතරින් හතර වෙනි තැනට පත්වුනේ සාහිෆ්ගෙ ආදරනීය නැගනීය සෝහා අලී ඛාන්. ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාව සම්බන්ධ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මාස්ටර් එකක් කරන්න සෝහා සමත්වෙලා තියෙනවා. සෝහා හතරවෙනි තැනට පත්වෙනකොට තුන් වෙනි තැන දිනාගන්න එයාගෙ ආදරනීය නෑනට හැකිවෙලා තියෙනවා. ඒ කරීනා කපූර් ඛාන්. හාර්වඞ් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් මාස තුනක පාඨමාලාවක් හදාරන්න කරීනා කටයුතු කරල තිබුන.

මේ ඉන්නෙ බොලිවුඞ් වල හොදම වැඩකාරයො දෙන්න ලොකු තරගෙකින් පස්සෙ මේ ලැයිස්තුවේ දෙවෙනි තැන හිමිකරගත්තෙ සුරූපී පරිනීති චොප්රා. මැන්චෙස්ටර් ව්‍යාපාර පාසලේ මූල්‍ය කටයුතු හා ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උපාධි ත‍්‍රිත්වයක්ම හිමිකරගත්තු පරිනීති මේ දවස්වල ආයෙමත් ඒ විශ්වවිද්‍යාලයේම උපාධියක් සඳහාත් ලියාපදිංචි වෙලා ඉන්නව. මේ තමයි බොලිවුඞ්වල ඉන්න බුද්ධිමත්ම කෙනා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අමීෂා පටෙල්. කහෝනා ප්‍යාර් හේ වගේම එලාන් වගේ චිත‍්‍රපටි වලින් පේ‍්‍රක්‍ෂකයින් වසඟයට ගත්තු අමීෂා බොස්ටන් සරසවියේ ජෛව පදාර්ථ ඉන්ජිනේරු උපාධිය ඉතා උසස් ලෙසස මත්වෙලා තියෙන කෙනෙක්. 

සටහන :- අමිල නුවන් මධුසංඛ