එයා නැතිවුනාට මගෙත් එක්ක වැඩ කරන්න ඕනි තරම් නිළියො ඉන්නව
ආක්ෂය කුමාර්

- දැන් ආක්ෂයගෙ කාලෙ ඉවරයි කියල හිතෙන්නෙ නැතිද...?
තාමනම් නැහැ. අපි පරිනත වෙන්න වෙන්න තමයි අත්දැකීම් වැඩි වෙන්නෙ. මගේ කාලෙ ඉවරයිනම් පේ්රක්ෂකයො වැල නොකැඞී මගේ චිත්රපට බලන්න එන්නෙ නැහැනෙ. අධ්යක්ෂකවරු මට චිත්රපට දෙන්න කැමති වෙන්නෙත් නැහැනෙ.
- ඇයි ඔබ කොමඩි චරිත වලට විතරක් කොටු වෙලා...
කොමඩි චරිතයක් කරනව කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. මිනිස්සු හිනස්සවන්නත් දක්ෂතාවය තියෙන්න ඕනි. ඒක කොටු වීමක් නෙවෙයි. මම කොමඩි ඇතුලෙත් ලව් කරනව. ෆයිට් කරනව. හැගීම්බර වෙනව. මිනිස්සු මේ හැම දේටම කැමතියි.
- තාමත් හිතනවද ඛාන්ලට වඩා ඔබ බලවත් කියල...?
අනිවාර්යෙන්ම. මම ඛාන්ලට වඩා චිත්රපටයක් වෙනුවෙන් අය කරනව. වගේම මම කරන හැම චිත්රපටයක්ම ආදායම් වාර්ථා බිඳ හෙළනව. ඉතින් ඒකම මදි ද..? පරම්පරාවාදයට නෙවෙයි අද තැන තියෙන්නෙ දක්ෂතාවයටයි.
- කැත්රිනා එක්ක රඟනොපා ඉන්න හේතුව මොකක් ද...?
එයා නිළියක් විදිහට සාර්ථක වුනේ මගෙත් එක්ක වැඩ කරල. ඒ වුනත් එයා පෙම්වතා නිසා මගෙත් එක්ක රඟපාන එක මඟහැරිය. ඒත් ඒක මට ප්රශ්නයක් නෙවෙයි. අදටත් මගෙත් එක්ක රඟපාන්න නිළියන් නිතරම් ඉන්නව. කැතී එක්ක මම ආයෙ කවදාවත් එකට වැඩ කරන එකක් නැහැ.
අතීතයේ වැළලිලා ගිය දේවල් අපි ආයෙමත් මතක් නොකර ඉමු. ඒකෙන් වෙන්නෙ තුවාල ආයෙමත් පෑරෙන එක විතරයි. දැන් අපි හැමෝම අපේ ලෝකවල් වල සතුටින් ඉන්නව. ඒකනෙ වෙන්න ඕනිත්.
- එකට වැඩ කරනකොට ඔබ කැපී පෙනෙන්න යනවලූ නේද...?
අනේ නැහැ. මම කවදාවත් කැපී පෙනෙන්න උත්සාහ කරල නැහැ. මට නිකම්ම ඕනිම තැනකදි මුල් තැන ලැබෙනව. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. සමහර අය ඔයවගේ බොරු කතා පතුරවන්නෙ මගෙත් එක්ක තියන තරහවට.
- වැඩිපුර අය කරල චිත්රපටය අසාර්ථක එකක් වුනොත්...
ඒ අභියෝගය භාරගන්න මම සූදානම්. මට පේ්රක්ෂකයින් විශ්වාසයි. මම කරපු වැඬේ අසාර්ථකයිනම් අයකරපු මුදල ආපහු දෙන්නත් මම සූදානම්.
- ජිම් එකට යනකොට පුතාවත් එක්ක යනවලූ නේද...?
ඔව්.. ඒ කතාව ඇත්ත. නිරෝගීකම ගොඩක් වැදගත්. දරුවන්ටත් පුංචි කාලෙ ඉදන්ම නිරෝගීව ඉන්න අපි පුරුදු කරන්න ඕනි. ඒක අපේ වගකීමක්. මම එළියට යන වෙලාවෙම පුතාවත් එක්කගෙන තමයි යන්නෙ.
- ජෝන් එක්ක ඔබ ගොඩක් හිතවත්...
අපි ගොඩක් හොද යාළුවො. ඒක ඇතිවුනේ ගරම් මසාලා චිත්රපටයත් එක්ක. ජෝන් කියන්නෙ උගත් බුද්ධිමත්, හිත හොඳ කොල්ලෙක්. ඒකයි මම එයාට කැමති.
- දරුවන්ව සිනමාවට සම්බන්ධ වෙනවට ඔබ කැමතියි ද...?
ඒක එයාලගෙ තීරණයක්. මම එයාලට හොදට උගන්නනව. ඒක තමයි මගේ වගකීම. එයාලට බොලිවුඞ් වලට එන්න පුලූවන්. ඒ වුනත්මම ඒකට උදව් කරන්නෙ නැහැ. එයාල දැනගන්න ඕනි තනිවම නැගිටින්න.
- සම්මාන ගැන මොකද හිතන්නෙ...
ඒක තවත් එක විහිළුවක් විතරයි. මම ඒ ගැන හිතන්නෙම නැහැ. චිත්රපටයක් සාර්ථකවෙනවනම් සම්මාන මොකට ද..? ඒව නිර්මාණය කරන අය එයාලට කැමති අයටමයි සම්මාන දීගන්නෙත්. ඕක එදත් එහෙමයි. අදත් එහෙමයි.
- ප්රීති, කාජල්, ශිල්පා අතරින් නැවත රඟපාන්න අවස්ථාවක් ලැබුනොත් කවුද තෝරගන්නෙ...
ප්රීති එක්ක වගේම ශිල්පා එක්කත් මම ගොඩක් වැඩ කරල තියෙනවා. නමුත් කාජල් එක්ක එහෙම නෑ. ඒ නිසා එයත් එක්ක වැඩ කරන්න කැමතියි.
- විශාල මුදලකට සඟරාවක නිරුවත් ජායාරූපයකට ආරාධනා කළොත්...
මම දැන් තාත්ත කෙනෙක්. ඒ දේ මට කොහොමටවත් කරන්න බැහැ. ප්රසිද්ධියෙ රෙදි ගලවල සල්ලි හම්බකරන්න තරම් ආක්ෂය තවම බංකොලොත් වෙලා නැහැ.
- ඛාන්ල ඉන්න චිත්රපටයක දුෂ්ඨ චරිතයක් ලැබුනොත්...
කවදාවත් භාරගන්නෙ නැහැ. බැල වැඩවලට සම්බන්ධ වෙන්න මගේ ඒතරම් කැමැත්තක් නැහැ. වෙන හේතුවක් නෙවෙයි.
ඔව් එයා තමයි මගේ ප්රියතම නළුවා. මම එයාගේ සටන් ක්රම වලටත් ගොඩක් කැමතියි.
- මීලගට බොලිවුඞ්වල අයිකන් එකක් වෙන නිළිය කවුද...?
කිහිප දෙනෙක්ම ඉන්නවා. ශ්රද්ධා, පරිනීති, ජැකලීන් වගේ අය ඉදිරියේදී ලොකු වැඩක් කරයි කියල මම විශ්වාස කරනවා.
සටහන :- අමිල නුවන් මධුසංඛ